ගීතා මෙතෙක් ලබාගත් වැටුප්, දීමනා ආපසු ගෙවන්න වෙයි ද?

සිය පාර්ලිමේන්තු ම්න්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියට ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට අමතරව ගෙවල් කුලී දිමනාව, දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන් රුපියල් මිලියන ගණනාවක් නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නිතිපතිවරයා මාර්ගයෙන් කටයුතු සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තින්දුවේ සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top