ජාත්‍යන්තරය කෙරෙහි තැබූ විශ්වාසය ද බිඳවැටිලා – අතුරුදන්වූවන්ගේ ඥාතීන්

ශ්‍රී ලංකා රජය කෙරෙහි අවිශ්වාසයක් ඇති වූ අයුරින් ජාත්‍යන්තරය කෙරෙහි තැබූ විශ්වාසය ද බිඳ වැටී ඇති බව කිලිනොච්චිය දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාවේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යෝලන්ඩා බෝස්ටර් මහත්මිය සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ වැඩපිළිවලදී ශ්‍රී ලංකාවේ තත්වය ගැන සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින අතර, ඇය කිලිනොච්චියදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවිය.

එහිදී කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට අදට දින 258ක කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් පවසා සිටියේ..

අපගේ සත්‍යග්‍රහය ආරම්භ කළ පසු මෙතෙක් මෙම අරගලයට සහභාගිවූ කාන්තාවන් පස් දෙනෙකු මිය ගොස් තිබේ. විවිද රෝගවලට මුහුණ දෙමින් සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් තම ඥාතීන් නැවත පැමිණෙන තෙක් බලා සිටිනවා. අපිට නම් මෙම සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ වැඩපිළිවලින් හෝ අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය මඟින් හෝ කිසිඳු යුක්තියක් ලැබෙන්නේ නැහැ, මෙය සියල්ල ජාත්‍යන්තරය මුලා කිරීමට රජය විසින් සිඳුකරන කටයුතුය.

ප්‍රදේශයේ දේශපාලකයන්ගේ ක්‍රියා කටයුතු ගැන යෝලන්ඩා බෝස්ටර් විමසූ විට,

දේශපාලකයන් කලින් කලට පාර්ලිමෙන්තුවේදී, ඉන් පිටතදී කතා කරනවා, එපමණයි.. අපට කිසිඳු විසඳුමක් නැහැ යැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවැසූහ. තවද තම අරගලය ආරම්භ කළ පසු ජාත්‍යන්තරයේ නියෝජිතයන් විශාල පිරිසක් ද පැමිණ සාකච්ඡා කර ගිය නමුත් ඔවුන්ගෙන් ද කිසිවක් සිඳුව නැති බව පවසා සිටියෝය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top