ඇමෙරිකානු උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් දිවයිනට

ඇමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා ලබන 6වනදා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංගලදේශයේ සංචාරයක නිරතවන බවත්, එහිදී මියන්මාර බෞද්ධ අන්තවාදීන්ගේ තර්ජනයට ලක්වී තිබෙන රෝහින්ග්‍යා අර්බුදය ගැන බංගලදේශ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද පැවැසේ.

නොවැම්බර් හය වනදා දිවයිනට පැමිණෙන තෝමස් ෂැනන් මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින් ඇතුළු දේශපාලන නායකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top