මඩකලපුව, තාලංකුඩා හමුදා කඳවුර ඉවත් කර ගනියි..

මඩකලපුව, මන්මුනයිපට්රු ප්‍රාදේශියේ ලේකම් කොට්ඨාශයට අයත් තාලංකුඩා ප්‍රදේශයේ ඉදිකර තිබූ හමුදා කඳවුර ඉවත් කර තිබේ.

2007 වසරේදී, නැගෙනහිර යුද්දය අවසන් වූ පසු තාලංකුඩා ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක මෙම හමුදා කඳවුර ඉදිකර තිබුණි.

මෙවැනි තත්වයකදී, 2015දී යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, පුද්ගලික ඉඩම්වල පවත්වාගෙන යන හමුදා කඳවුරු ඉවත්කරගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් කළ ඉල්ලීමකට අනුව, ඉකුත් ඉඩම නිදහස් කර ඇති බව පැවැසේ.

ඒ අනුව, පසුගිය වසර 10කට අධික කාලයක් තාලංකුඩා ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය හමුදා කඳවුර ඉවත්කර, එම ඉඩම් අදාළ හිමිකරුවන්ට යළි භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top