පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” නෞකාව කොළඹ වරායට

පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” නෞකාව ඊයේ (05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

සයිෆ් නෞකාව දිගින් මීටර් 123 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 13.2 ක් වේ. ටොන් 3144 ක ධාරිතාවකින් යුක්ත නෞකාවේ 255 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව 08දා මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top