යාපනය අරියාලයි ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යුවළක් අත්අඩංගුවට

යාපනය අරියාලයි, මනියන්තෝට්ටම් ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් ඊයේ (6) දින සවස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී රුපියල් 21 ලක්‍ෂ 68 දාහක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලිමකින් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සහ සැකකාරිය සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු 500කට වැඩි සංඛ්‍යාවක් ද අත්අඩංගුවට ගත් අතර, එහිදී රුපියල් 5000 නෝට්ටු 400ක් සහ දහසේ නෝට්ටු 168ක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශනවල දී මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගත් ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍ර දෙකක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයේ පදිංචි 24 හැවිරිදි ඉරාසලිංගම් ලබීසන් සහ ඔහුගේ බිරිඳ වන 19 හැවිරිදි ක්‍රිෂාන්ති යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top