ඉන්ධන අර්බුදය ගැන සොයන්න ජනපතිගෙන් අනු කමිටුවක්..

මේ වන විට රටතුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සදහා විසඳුම් සෙවීම සදහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

අද (07) පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම කැබිනට් අනුකමිටුව පත්කර තිබේ.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙම කමිටුවෙහි සභාපතීත්වය දරණු ලබන අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක හා අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙහි අනෙකුත් සාමාජිකයින් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top