විශ්වමඩු මාවිරු සොහොන් බිම් පිරිසුදු කිරීමට හමුදාව අවසර නොදෙයි..

කිළිනොච්චිය, විශ්වමඩු තේරාවිල් කොටි සොහොන් බිම් පිහිටි ප්‍රදේශය ඊයේ (06දා) සවස පිරිසුදු කිරීමට ගිය. දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන්ට යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට නොදීම නිසා උණුසුම් වචන හුවමාරුවක් සිඳුවූ බව වාර්තාවේ.

ලබන 27 වනදා සැමරීමට නියමිත මාවිරු දිනය නිමිත්තෙන් එම ප්‍රදේශය පිරිසුදු කිරීමට හමුදාව තමන්ට අවසර ලබා නොදුන් බවට ප්‍රදේශවාසීන් පවසා තිබේ. මෙයට උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටී. කුරුකුලරාජා, එස් පසුපදිපිල්ලේ යන අය විරෝධය පළ කර තිබේ.

යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර, ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසරය ඉල්ලීමේදී යුද හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවත්, තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් එයට අවසරය ලැබී නැති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top