දෙමළ මහජන සභාව ජනතා ව්‍යාපාරයකි…

දෙමළ මහජන සභාව වර්තමාණයේ ජනතා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බව එහි සම නායක හා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාා පවසයි. අද (8) දින යාපනයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

“දෙමළ මහජන සභාව ජනතා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දේශපාලන වශයෙන් වෙනස්වීමක් නැහැ. දෙමළ ජනතාව එක්රැස් කොට ගමන් කළ යුතු අවශ්‍යතාවයක් අපට තිබෙනවා. දෙමළ මහජන සභාව තුළ මත එකඟතාවයෙන් යුතු පක්‍ෂයන් සිටිනවා. ඔවුන් තම දේශපාලන කටයුත්ත සිදුකරගෙන යයි, එය ගැන මගේ පුද්ගලික අදහස දැන් පවසන්න බැහැ“යැයි මහ ඇමැතිවරයා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top