දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ආරම්භ කරනවා – ජනපති

maithiri-මෛත්‍රීපාල අපේ රට සැමදා ජයග‍්‍රහණ ලැබුවේ කෘෂිකාර්මික පදනමින් කරනු ලැබූ කාර්යයන් තුළ බවත්, මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරමින් තවත් දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (28) පෙරවරුවේ කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි උපදේශක ශ‍්‍රවණාගාරයේ පැවති මහවැලි ඉංජිනේරු සංගමයේ 30 වෙනි වාර්ෂික සම්මේලනයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.

මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් දෙස් විදෙස් මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ රජය මේ වන විට නව වාරි ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කර තිබෙන අතර පසුබෑමට ලක්ව තිබූ ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top