මිහින්තලය ප්‍රදේශයේදී ගජමුතු හතරක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මිහින්තලය, මාතලේ හන්දිය අසල දී ගජමුතු හතරක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පහලමාරගහවැව, රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කළුවරගස්වැව සිවිල් ආරක්ෂක බලකා පළාත් කාර්යාලයේ සේවය කරන සිවිල් ආරක්ෂක භටයෙකු බව ද හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top