ලබන සතියේ සිට සතොසෙන් පොල් ගෙඩි ලක්ෂ 12ක්

ලබන සතියේ සිට ලංකා සතොස හරහා පොල් ගෙඩි ලක්ෂ 12ක් පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස සභාපති ආචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (08) කොළඹ සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ අනුව ලබන සතියේ සිට ලංකාවේ ඕනෑම ලංකා සතොස අලෙවිසැළකින් පොල් මිල දී ගත හැකි බවත්, ලංකා සතොසට බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් පොල් තොග ලබා දීමට පශු සම්පත් මණ්ඩලය හා වැවිලි සමාගම් එකඟත්වය පළ කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ලබන සතිය වන විට පශු සම්පත් මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 05ක් ද, හලාවත වැවිලි සමගම පොල් ගෙඩි ලක්ෂ 03ක් ද, කුරුණෑගල වැවිලි සමාගම පොල් ගෙඩි ලක්ෂ 03ක් ද, ඇල්කඩුව වැවිලි සමාගම පොල් ගෙඩි ලක්ෂයක්ද ලබා දෙන බවත් ඒ අනුව පොල් ගෙ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top