දුම්රිය තුළ අනවසර වෙළඳාම් තහනම්

දුම්රිය තුළ වෙළෙඳාම් කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පවසයි.

දුම්රියේ කෙරෙන අනවසර වෙළෙඳාම් හේතුවෙන් මගින්ට සිදුවන හිරිහැර හා ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳවත් සිතා බලා මෙම තීරණය ගත් බව ද සාමාන්‍යාධිකාරිවරයා කීය. අනවසර වෙළෙඳුන් විසින් දුම්රියේ අලෙවි කරන ආහාර ද්‍රව්‍ය අනාරක්ෂිත මෙන්ම ප්‍රමිතියෙන් බාල බවත් එසේ ම දුම්රිය තුළ සිදු කෙරෙන සොරකම්වලට සමහර අනවසර වෙළෙඳුන්ගේ සම්බන්ධයක් තිබෙන බව හෙළි වී ඇති බවත් ඒ මහතා සඳහන් කෙළේය.

මේ කරුණු සැළකිල්ලට ගනිමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පිට දුම්රියේ අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top