දෙමළ මහජන සභාවේ ආශීර්වාදය සමග අලුත් සන්ධානයක් ?

දෙමළ මහජන සභාවේ සහාය මත නව සන්ධානයකින් පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසයි.

යාපනය පොදු පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද 12 දින පැවැති දෙමළ මහජන සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා සිටියේය.

දෙමළ මහජන සභාවේ සහාය සමඟ එහි සන්ධානගත දෙමළ ජාික ජනතා පෙරමුණ, ඊ.පි.ආර්.එල්.එෆ්., සහ සිවිල් සමාජ නියෝජිතයන් ඇතුලත් නව සන්ධානයක් පිහිටුවිමට නියමිත බවත්,ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට නව සන්ධානය තරඟ කරන අතර, මේ සම්බන්‍ධ මහජන සභාවේ නිල තීරණය තවත් දින කිහිපයකින් ප්‍රකාශයට පත්කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top