සපුගස්කන්ද ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

සපුගස්කන්ද ,මාබිම හන්දිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, සිද්ධියෙන් ත්‍රීරෝද රථ රියඳුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා බියගම රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී දරුවන් දෙදෙනා ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top