රාජිත සහ ඉන්දිය සෞඛ්‍ය ඇමැති අතර සාකච්ඡා හමුවක්..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ ක්‍ෂ්ය රෝග තුරන් කිරීම පිළිබඳ ගෝලීය අමාත්‍ය සමුළුව රුසියාවේ මොස්කෝ නුවර පැවැත්වේ. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගිවූහ.

එහිදී රාජිත සේනාරත්න මහතා සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී. නද්දා මහතා අතර සාකච්ඡා හමුවක්ද පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ඉන්දියාවෙන් ලැබෙන දායකත්වය අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක ඉන්දීය ගිලන් රථ සේවාව පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට තවදුරටත් සහයෝගය ලබාදෙන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ද තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top