ආවා කල්ලියේ ප්‍රධාන ක්‍රියාකරු 22 හැවිරිදි ඉක්රම් ?

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ මුස්ලිම් තරුණයෙකු ද සිටින බවට රහසිගත තොරතුරු කිහිපයක් ලැබී ඇති බව කෝප්පායි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආවා කල්ලියේ ප්‍රධාන සැකකරුවන් බොහෝ දෙනෙකු බන්‍ධනාගාරවල සිටින අතර, දැනට ආවා කල්ලියේ ප්‍රධාන ක්‍රියාකරු ලෙස 22 හැවිරිදි ඉක්රම් නැමැති පුද්ගලයෙකු කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්‍ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද පැවැසේ.

මේ අතර, ආවා කල්ලියට තොරතුරු ලබා දෙන ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කළැයි සැකපිට පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගත් ගජබාලසිංගම් නිදර්සන් නැමැති තරුණයාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් ආවා කල්ලිය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවී ඇති බවත්, මේ සම්බන්‍ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවට කෝප්පායි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top