නව බදු පනතින් ජනතා බදු බර ඉවතට – මංගල සමරවීර

සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසත්, තුන්වන ලෝකයේ රටක් ලෙසත් කාලාන්තරයක් තිස්සේ හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ තවමත් වක්‍ර සහ ඍජු බදු ආදායම 80% – 20% මට්ටමේ පවතින බවත් දැනට බදු ගෙවමින් සිටින අය මතම බදුබර පැටවෙන හෙයින් අඛණ්ඩව පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය දැනට සම්මත කර ඇති නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඍජු බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩිවෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව පැවසූයේ, “බදු – වගකීමක් නොව සමාජ යුතුකමකි” යන මැයෙන් මාතරදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

මෙරටේ බදු ගෙවන සමාගම් හා ව්‍යාපාරිකයන්ද දැනුවත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා නව බදු පනත පිළිබඳව සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙන එහි සමාරම්භක සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top