පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි ජනවාරි 27වනදාට – මැතිවරණ කොමිසම තීරණය කරයි

පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි ජනවාරි 27වනදා පැවැත්වීමටත් අධිකරණමය කටයුත්තක් සිදු වුවද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ සඳහන් නීතිමය තර්කය අදාළ නොවන පළාත් පාලන ආයතන 133ක මැතිවරණය පැවැත්වීම හැකියාව ඇති බැවින් එම එම ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් වාර්තා වේ.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ නීතිපතිවරයාගේද සහභාගිත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී, සීමා නිර්ණය ගැසට් පත්‍රයට අදාළව අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ලබන සඳුදා මෝසමක් ඉදිරිපත් කර 30 වැනිදා වනවිට එහි කටයුතු අවසන් තීන්දුවකට ඒමට අවශ්‍ය පියවර ගන්නා බව නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ 27 වැනිදාම පැවැත්වීමටත් එමෙන්ම මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තීරණය කර ඇත.

නඩුවට අදාළ නොවන පළාත් ආයතන 133ක මැතිවරණය පැවැත්වීමේ හැකියාව තමන්ට තිබෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම පක්ෂ නායක රැස්වීමේදීද අනාවරණය කර ඇත.

මූලාශ්‍ර ලක්බිම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top