ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන ගමන අඩාල කිරීමට සැලසුමක් ක්‍රියාත්මකයි – මහින්ද රාජපක්‍ෂ

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් අත්අඩංගුවට ගෙන දේශපාලන ගමන අඩාල කිරීමේ දැවැන්ත උත්සහායක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (24) රාත්‍රියේ පවත්වන විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත. ඉදිරි දින කිහිපය තුළ දී මෙම අත්අඩංගුවට ගැනීම දියත් වනු ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ස මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ද පවතින බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top