කිලිනොච්චියේ සමෘධි පුරප්පාඩු 68කට පස් දෙනෙකු පමණක් පත්වීම්..

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දැනට සමෘධි පුරප්පාඩු 68ක් පවතින නමුත් පත්වීම් ලබාදී තිබෙන්නේ පස් දෙනෙකුට පමණක් බව වාර්තාවේ.

පසුගිය 15වනදා සුගතදාස ක්‍රීඩාංගනයේදී දිවයිනේ සමෘධි පුරප්පාඩු සඳහා පත්වීම් ලබාදී තිබුණි. එහිදී කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ලබාදී තිබුණේ පත්වීම් පහක් පමණි. මේ අතර, යාපනය දිස්ත්‍රික්කයට 45 දෙනෙකුට සහ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ 42 දෙනෙකුට සමෘධි පත්වීම් ලබාදී තිබේ.

නමුත් කිලිනොච්චිය දී පමණක් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින නමුත් පත්වීම් ලබාදී තිබෙන්නේ සුළු ප්‍රමාණයකි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නව සමෘධි නිලධාරින් පත්කිරීම සම්බන්‍ධයෙන් ජනතා නියෝජතයන් වැඩි උනන්දුවක් නොදැක්වීම ද මෙයට හේතුවක් බව සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top