කඩිනමින් ජන්දය පවත්වන්නැයි ඉල්ලා දුමින්ද සහ අමරවීර අධිකරණයට

පළාත් පාලන සීමා නිර්ණ ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලා පුද්ගලයන් හය දෙනෙක් කර ඇති නඩුව නිෂ්ප‍්‍රභා කරන ලෙස ඉල්ලා පෙත්සම් දෙකක් ගොනු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව වාර්තාවේ.

එ් අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලා එම පෙත්සම් ඉදිරිපත් කෙරේ. සීමා නිර්ණය ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව ලබන දෙසැම්බර් 04 දින යළි කැඳවීමට නියමිතය.

කෙසේ වෙතත් මීට පෙර මැතිවරණ කොමිසම තීරණය කර තිබුණේ නොවැම්බර් 27 දින සිට පලාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top