යාපනයේ පාපැදි සොරකම් කළැයි සැකපිට 4ක් අත්අඩංගුවට

යාපනය රෝහල ඉදිරිපිට ගාල් කරන පාපැදි සොරකම් කළැයි සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කාලයක් තිස්සේ යාපනය රෝහල ඉදිරිපිට ගාල් කරන පාපැදි යම්කිසි පිරිසක් විසින් සොරකම් කරන බව පැවැසේ.

මෙවැනි තත්වයකදී අද සෙනසුරාදා දින පාපැදි සොරකම් කිරීමට උත්සහ කළ දෙදෙනෙකුව එහි රැඳී සිටි පිරිසක් විසින් අල්ලා යාපනය පොලිසියට භාරදී තිබේ. අනතුරුව පැය කිහිපයකට පසු තවත් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ පාපැදි සොරකම් කිරීමට උත්සහ කිරීම දුටු කුළි වාහන රියදුරන් ඔවුන්ව අල්ලා යාපනය පොලිසියට භාරදි තිබේ.

ඉකුත් සැකකරුවන් සිව් දෙනාගෙන් යාපනය පොලිසිය රඳවා ප්‍රශ්ණ කරන බවට පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top