යාපනයේදී ට්‍රක්ටර් රථයකින් හප්පා මිතුරාව ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට…

යාපනය වඩමරාච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකුව ඔහුගේ මිතුරෙකු ට්‍රක්ටර් රථයකින් හප්පා ඝානය කර ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි. පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන සිදම්බරපිල්ලේ සිවපාලන් ( වයස 48) නැමැත්තා මෙලෙස ඝාතනයට පත්වී තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,..

ඝාතනය වූ පුද්ගලයා බේකරි හිමිකරුවකි. ඔහු තම මිතුරන් සමඟ අද සෙනසුරාදා දින 1ට පමණ මත්පැන් පානය කර තිබේ. එහිදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. පසුව ඔහු සමග ආරවුලක් ඇති කරගත් මිතුරා තම ට්‍රක්ටර් රථයේ ගොස් ඔහුව හප්පා ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ කළ පොලිසිය එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි ට්‍රක්ටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top