ගිංතොට සිද්ධියෙන් දේපළ හානිවීම්වලට වන්දි – ලක්‍ෂ්මන් කිරිඇල්ල

ගාල්ල,ගිංතොට සිද්ධියෙන් දේපළ හානිවීම්වලට වන්දි ලබාදීම ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය දා ගිංතොට ප්‍රදේශයේ දී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමර දිසානයක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

“මේ රටේ සියලු ජාතීන් ආරක්ෂා කරන්න බැදී සිටිනවා. එය රජයේ වගකීමක්. රජය එම වගකීමෙන් කටයුතු කරනවා. වන්දි ලබාදීමට දැන් කටයුතු ආරම්භ කර තිබෙනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top