විහාරස්ථාන 12 දාහක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්

දිවයින පුරා විහාරස්ථාන 12,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ විහාරස්ථාන 1,000ක් සංරක්ෂණයට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

බුදුදහමේ උනන්තිය හා මෙරට බෞද්ධ ප්‍රබෝධය ඇතිකිරීම වෙනුවෙන් ඓතිහාසික, පුරාවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික වටිනාකම්වලින් ද සමන්විත වෙහෙර විහාරස්ථාන අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරලීම ජාතික අවශ්‍යතාවක් ලෙස රජය හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංකල්පයක් අනුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දිවයින පුරා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ බෞද්ධ වෙ‍හෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීමට අදාළ මූල්‍ය ප්‍රදාන පිරිනැමිම පසුගිය දා සිදු කළේය.

මෙහි දෙවැනි අදියර යටතේ හඳුනාගත් ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සහිත බෞද්ධ වෙහෙර විහාරස්ථාන 850ක් සංරක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා අදාළ මූල්‍ය ප්‍රදානයන් ලබාදීම ලබන දෙසැම්බර් මස 4 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම විහාර සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 425ක් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top