පළාත් පාලන ඡන්දයට අදාළ පෙත්සම 30වනදා කැඳවන්නැයි නීතිපතිවරයාගෙන් මෝසමක්

පළාත් පාලන ඡන්දයට අදාළව සීමා නිර්ණය හා සභිකයින් සංඛ්‍යාව ඇතුළත්ව නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අධිකරණය ලබා දුන් තීන්දුවට අදාළ පෙත්සම ලබන 30 වනදා කැඳවීමට කටයුතු කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබේ.

අදාල පෙත්සම ජනතාවගේ ඡන්ද අයිතියට බලපාන ප්‍රශ්නයක් බැවින් කඩිනමින් එය සලකා බැලීමේ අවශ්‍යතාවක් ඇති බව නීතිපතිවරයා මෝසම මඟින් පෙන්වාදී තිබේ.

පසුගිය 22 වනදා ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම පෙත්සම නිෂ්ප්‍රභ කොට අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ නොකරන්නැයි නීතිපතිවරයා තම මෝසමෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top