හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශ කිහිපයක දී හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැළණිය පට්ටිය හංදිය ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 307ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී මෝදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 50ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ගල්කිස්ස ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 7ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව ගල්කිස්ස පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top