ගැබ්ගෙන ඇතැයි පාසලෙන් ඉවත් කළ දැරිය පිළිබඳ පරික්ෂකණ වාර්තාව නීතිපතිට

පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි පවසමින් ඇය පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ළමා ආරක්‍ෂක අධිකාරිය සිදුකළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තාවේ.

කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දැරිය අසත්‍ය චෝදනාවක් මත පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබුණි.

අදාල සිද්ධිය සම්බන්‍ධයෙන් නීතියම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස විමර්ශණයක් සිදුකර ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් අදාළ දැරිය ගැබ් ගෙන නැති බවද තහවුරු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top