යාපනය, සාවකච්චේරිය ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් ?

යාපනය, සාවකච්චේරිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් මාධ්‍යවේදියෙකුට පහරදී ඇති බව වාර්තාවේ. ඊයේ (2) දින සවස එම මාධ්‍යවේදියා සාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට යමින් සිටියදී ඔහුගේ වාහනය හරස් කළ නාඳුනන පුද්ගලයන් ඔහුට පහරදී තිබේ.

පහරදීමට පැමිණි පිරිස ත්‍රිරෝද රථයකින් පැමිණි බවත්, පහරදීම මැඩපැවැත්වීමට තැත් කළ එහි සිටි පිරිසකට ද ඔවුන් පහරදී පලා ගොස් ඇති බව පැවැසේ. සිද්ධිය සම්බන්‍ධයෙන් සාවකච්චේරිය පොලිසියට පැමිණිළි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top