උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කර ඇත.

ඒ අනුව දැනට උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් හිමිවේ.

ඒ අනුව පොලිස් පරීක්ෂක සේවයේ දැනුට අනුමත නිලධාරී සංඛ්‍යාව වන නිලධාරීන් 2699 ක ප්‍රමාණය සම්පූර්ණ කිරීමය අවශ්‍ය නිලධාරීන් 603 දෙනෙකුගේ පුරප්පාඩු මේ මඟින් සැපිරෙනු ඇත.

එසේම මේ වන විට උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන් 2426 ප්‍රමාණයක් ද අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස් වීම් ලබා දීමද සිදුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top