රාජගිරිය ඇතුළු අවට ප‍්‍රදේශ කිහිපයකට සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්

රාජගිරිය හා ඒ අවට ප‍්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (09) පස්වරු 2.00 සිට ඉරිදා (10) අළුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලූම අතුරු මාර්ගවල එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ඇති. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top