බුලොට් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි..

තමිලරසු පක්‍ෂය සමඟ එක්වී දෙමළ ජාතික සන්ධානය යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරනවාද? නැතිනම් විකල්ප කණ්ඩායම සමග එක්වී තරඟ කරනවාද? යැයි තීරණයක් ගැනීම සඳහා බුලොට් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දින සවස රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

දෙමළ ජාතික සන්ධානයෙන් ටෙලෝ පක්‍ෂය ඉවත්ව යෑමෙන් දැනට බුලොට් සහ තමිලරසු පක්‍ෂ පමණක් දෙ.ජා.ස. සිටින අතර, ආසන වෙන් කිරීම සම්බන්‍ධයෙන් තම පක්‍ෂයට අතෘප්තියක් පවතින හෙයින් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දින සවස රැස්වීමට තීරණය කර ඇති බව බුලොට් පක්‍ෂයේ ශ්‍රේෂ්ඨ සාමාජිකයෙකු පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top