ඇත් දළ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීගලෑව සහ ගිරිබාව ප්‍රදේශවලින් ඇත් දළ කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමක දීයි මෙම ඇත් දළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව තිබූ ඇත් දළ 7ක් පොලිස් භාරයට ගැණුනා. වයස අවුරුදු 38 සහ 37 වයස්වල පසුවූ සැකකරුවන් මීගලෑව හා ගිරිබාව ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top