යාපනය, වව්නියාව ඇතුළු තවත් දිස්ත්‍රික්ක රැසකට ජවිපෙන් ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය උදෙසා යාපනය, වව්නියාව, මාතලේ, කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (08) දිනයේද ඇප තැන්පත් කර තිබේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපෙ මධ්‍යම කාරක සභික රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතාගේ මූලිකත්වයෙන් යාපනය දිස්ත්‍රික් කාර්යාලයේදී ඇප තැන්පත් කිරීම සිදු කර ඇත.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී ඇප තැන්පත් කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය සඳහා දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතාගේත් වව්නියාව දිස්ත්‍රික්කය සඳහා දිස්ත්‍රික් නායක උපාලි සමරසිංහ මහත්ගේත් ප්‍රධානත්වයෙන් මෙලෙස ඇප මුදල් තැන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top