මාන්කුලම් ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීමට පැමිණි නාඳුනන කල්ලියකට අයත් පුද්ගලයෙකු දැලේ..

මුල්ලතිව්, මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අංක තහඩු ආවරණය කළ යතුරු පැදි තුනකින් පැමිණ මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට පහරදී පලා යෑමට තැත් කළ පිරිසක් ප්‍රදේශයේ තරුණයන් විස්න අල්ලාගෙන තිබේ.

මාන්කුලම් හංදියේ ඊයේ දින රාත්‍රී නවයට පමණ මාර්ගය අසල රැඳී සිටි තරුණයකුට යතුරු පැදි තුනකින් පැමිණි පිරිසක් පහරදී පලා යෑමට තැත් කළ අවස්ථාවේ අවට සිටි තරුණයන් ඔවුන්ව ලුහුබැඳ ගොස් එක් අයකුව අල්ලාගෙන තිබේ. අනෙකුත් පිරිස පලා ගොස් තිබේ. අවුරුදු 23ක් පමණ වයසති තරුණයෙකුව මෙලෙස අල්ලාගෙන ඇති අතර, එවිට ඔහු බීමතින් සිටි බවද පැවැසේ.

පහරදීමට ලක්වූ තරුණයා මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ. මේ අතර, අල්ලාගත් අදාල තරුණයා සහ ඔහු පැමිණි යතුරු පැදිය මාන්කුලම් පොලිසියට භාරදී තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top