PLOT නිවස අත්හැර යන්නේ නැහැ – පළාත් පාලන මැතිවරණයෙන් ඉවත් වෙයි ද?

දර්මලිංගම් සිද්ධාර්තන් – බුලොට්

ආසන් වෙන් කිරීම සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානය පැහැදිළි තීරණයක් නොගන්නේ නම් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ නොකරන බව බුලොට් පක්‍ෂයේ උතුරු පළාත් ඇමැති සිවනේසන් පවසයි.

ආසන වෙන් කිරීමට සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂ අතර සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර, එය සියල්ල අසාර්ථකව අවසන්වී තිබේ. මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත පක්‍ෂයක් වන බුලොට් පක්‍ෂය සන්ධානයෙන් ඉවත් නොවන නමුත් ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තරඟ නොකර ඉවත්වීමට තීරණය කර තිබේ.

මේ අතර, ආසන වෙන් කිරිම සම්බන්‍ධයෙන් දෙ.ජා.ස. තුළ ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වයට කඩිනමින් විසඳුමක් ලබාදීමට දෙ.ජා.ස. නායක ආර්. සම්බන්‍ධන් මහතා පියවර ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top