තරුණයන් 11ක් අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්‍ධ කොමදෝරු දසනායක ඇතුළු හයක් තවදුරටත් රිමාන්ඩ්

පුද්ගලයන් එකොළොස් දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

සිද්ධියට අදාළ බව කියන වාහනය සම්බන්ධ රස පරීක්‍ෂක වාර්තාව එවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, මෙම සිද්ධියට අදාළ තවත් විමර්ශන සිදුකෙරෙන බව ද එම නිලධාරීන් දන්වා තිබේ.

එසේම තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top