ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍යය අතර විදේශ අමාත්‍යාංශ මට්ටමේ උපදේශන සාකච්ඡා පසුගිය දින ඔස්ලෝ නුවරදී පැවැත්විණි.

එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ නොර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් වෙගර් ස්ට්‍රොමන් යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.

ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම නොර්වේ රාජ්‍යය විසින් සහයෝගය දක්වනු ලබන දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිද මෙහිදී ඔවුන්ගේ සමාලෝචනයට ලක්විය. දෙරට අතර සබඳතා තව දුරටත් පුළුල් කිරීමේ මං සහ විධි සම්බන්ධයෙන්ද ලේකම්වරු දෙදෙනා සාකච්ඡා කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top