ගාසා තීරයේ පැවති ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

පලස්තීනය

ගාසා තීරයේ පවත්නා ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුම්වලදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම ගැටුම් හා විරෝධතා ආරම්භ වී ඇත. කෙසේ වුවද මෙම විරෝධතා හා ගැටුම්වලදී සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, මෙම විරෝධතා මැදපෙරදිගට ද ව්‍යාප්ත වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top