මහින්ද දේශප්‍රියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

පළාත් පාලන සීමානිර්ණ ගැසට් නිවේදනට එරෙහිව අඹගමුව ප්‍රදේශීය සභාවේ හිටපු නිදහස් සන්ධාන මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා ගොනුකල මූළික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදී ලබන ජනවාරි 8 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

නව මැතිවරණ සීමා නිර්ණයන් යටතේ අඹගමුව ප්‍රදේශීය සභාව කොටස් තුනකට කැඩී ඇත් බවත්,ශ්‍රී පාදස්ථානය වෙනත් ප්‍රදේශීයබල ප්‍රදේශයකට අයත්වීමෙන් ආගමික සහජීවනයට බාධා වන බවත්, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ද පවසමින් හෙලප්‍රිය නන්දරාජ මහතා මෙලෙස මූළික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top