මැලේසියානු අගමැති උතුරු පළාත් මහ ඇමැතිව හමුවෙයි..

මැලේසියානු අගමැති නජීබ් බින් රන් අබ්දුල් රසාක් මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාව හමුවීමට නියමිත බව වාර්තාවේ. මැලේසියානු අගමැතිවරයා දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින අතර, උතුරු පළාත් මහ ඇමැතිවරයා සමග සාකච්ඡාවකට ද කටයුතු සූදානම් කර ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබේ.

දිවයිනට පැමිණ සිටින මැලේසියානු අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීහු විශාල පිරිසක් හමුවීමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top