දියතලාව ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප‍්‍රධානත්වයෙන්

දශක තුනකට ආසන්න ත‍්‍රස්තවාදය හමුවේ පැන නැගුණු සියලූ අභිීයෝග අභිතව ජයගත් ශී‍්‍ර ලංකා යුද හමුදාව ඒ තුළින් ලබා ඇති අත්දැකීම් හා පරිණතභාවය අසීමිත බවත්, ඒ ඔස්සේ ඉදිරි සියලූ අභියෝග ජය ගැනීමේ ශක්තිය ඔවුන් සතු බවත් ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පැවති දියතලාව ශී‍්‍ර ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලියට එක්වෙමිනි. මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්විය.

මෙහිදී යුද හමුදා නිලධාරින් ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා යුද හමුදාව යුද්ධයට පමණක් සීමා වූ දක්ෂයින් නොවන අතර රටේ සංවර්ධනය සදහා ද ඔවුන් ලබාදෙන සහාය ඉතාමත් අගය කළයුතු බවයි.

ජාතික ආරක්ෂාව සෑම රටකට මෙන්ම ශ‍්‍රී ලංකාවට ද ප‍්‍රමුඛතම වැදගත් කාර්යයක් බව සිහිපත් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබදව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබදව ද ශ‍්‍රී ලංකා යුද හමුදාවට ප‍්‍රමුඛ වගකීමක් පැවරී ඇති බව කියා සිටියේය.

එමෙන්ම ශ‍්‍රී ලංකා හමුදාව ඉතාමත් ශක්තිමත් මෙන්ම සමස්ත ලෝකය තුළ ගෞරවාදරයට පත් හමුදාවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම ගෞරවය ඔවුන් ලබා ඇත්තේ විනය, දක්ෂතාවය, පුහුණුව හා පළපුරුද්ද තුළින් ලබාගෙන ඇති පරිණතභාවය මගින් බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top