මැලේසියානු අගමැති සහ ජනපති අතර හමුවක්..

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භකර වසර හැටක් සපිරීම සමරමින් මැලේසියා අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරටේ මිත‍්‍රත්වය විදහා දක්වමින් මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් කෙටි උත්සවයක් ද ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top