බිම් බෝම්බ සියයට 98ක් ඉවත් කර අවසන් – ශ්‍රී ලංකාව

බිම් බෝම්බ සියයට 98ක් ඉවත් කර අවසන් බව ශ්‍රී ලංකා රජය පවසයි. මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ රාජ්‍ය නොවන ආයතනවල සහාය මත බිම් බෝම්බ ඉවත් කර ඇති බව පැවැසේ. ඔස්ට්‍රියාවේ පැවැති බිම් බෝම්බ ඉවත් කිරීම සම්බන්‍ධ සමුළුවට සහභාගිවූ ශ්‍රී ලංකා නියෝජිතයන් මේ බව පවසා තිබේ.

බිම් බෝම්බවලින් තොර පරිසරයක් ඇති කිරීමේ කටයුතුවල ශ්‍රී ලංකා රජය නිරතව සිටින බව ඔස්ට්‍රියාව සඳහා වූ ශ්‍රී ලංකා තානාපති ප්‍රියානි විජේසේකර පවසා තිබේ. රට තුළ සහජීවනය ඇති කර සාමකාමි පරිසයක් ඇති කිරීමේදී වත්මන් රජය දැඩි උනන්දුවක් දක්වන බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top