කොළඹ නගරයේ ලබන ජනවාරි 01 දායින් පසු සිඟමන් බෑ

කොළඹ නගරයේ යාචක රැකියාවේ නියුතු පුද්ගලයන්ට ලබන ජනවාරි 01 දායින් පසුව ක්‍රියාමාර්ග ගන්නා බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දෙසැම්බර් මාසය අවසන්වීමට‍ පෙර එම යාචකයන් සියලු දෙනා කොළඹ මහ නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් හමුවිය යුතු බවත්, ඉන් පසුව ඔවුන් පුනරුත්ථාපනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණ හරහා අම්බලන්තොට රිදීගම පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත එම යාචකයන් රැගෙන යන බවත්, එහිදී ඔවුන්ට අවශ්‍ය වෘත්තිය පුහුණු හා සමාජ පුහුණුව ලබාදෙන බවත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top