මෙක්සිකෝවේ සිඳුවූ රිය අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. එයින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සංචාරකයින් රැගත් බස් රථයක් ගිණිකොණ දිග මෙක්සිකෝවේ ක්වින්ටාන් රෝ ප්‍රාන්තයේ දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මේ පිරිස රෝයල් කැරබියන් නමැති නෞකාවෙන් පැමිණි පිරිසකි. බස් රථය අනතුරට ලක්වන විට එහි මගීන් 31 දෙනෙකු සිටි බව වාර්තා වේ. ඔවුන් මෙක්සිකෝවේ චැකෝබෙන්හි පිහිටි මායා ශිෂ්ටාචාරයට අයත් ඓතිහාසික නටඹුන් නැරඹීමට යමින් සිටි පිරිසකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top