එකඟතාවයට පැමිණියොත් නායකත්වයත් ලබා දෙන්න සූදානම් – ආනන්ද සංකරි

දෙමළ ජනතාව වෙනසක් අපේක්‍ෂා කරනවා එමෙන් ඔවුන්ගේ කැමැත්තට අනුව සියළු දෙනා එකඟතාවයකට පැමිණියොත් මම නායකත්වය ද ලබාදීමට සූදානම් බව වී. ආනන්ද සංකරි මහතා පවසයි. අද (20) දින කිලිනොච්චියදී පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා සිටියේය.

මෙවර දෙමළ ජනතාව වෙනසක් ඇති නොකළේ නම් අනාගතයේදී කුමක් විය හැකි දැයි දෙවියන් තමයි කියන්න ඕනේ, තවමත් කාලය තියෙනවා, බෙදී ගොස් තරඟ කරන අය එක්වී පැමිණියොත් මම මගේ නායකත්වය ද ලබාදීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top