දෙමළ ජාතික සභාවේ යාපනය මානගර සභා අපේක්‍ෂයා ලෙස වී. මනිවන්නන්ව නිල වශයෙන් ප්‍රකාශ කරයි..

පිරිසුදු දෑත් පිරිසුදු නගරයක් යන තේමාව යටතේ මෙම මැතිවරණයට තරඟ කරන බව පවසා ඇති දෙමළ ජාතික සභාව විසින් යාපනය මානගර සභාවේ ප්‍රධාන අපේක්‍ෂකයා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක විස්වලිංගම් මනිවන්නන්ව යෝජනා කර තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට දෙමළ ජාතික සභාව, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාපැදි ලකුණින් තරඟ කරන අතර, මේ සම්බන්‍ධ විශේෂ මාධ්‍ය හමුවක් අද (26) දින දෙමළ ජාතික පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේදී පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top