බලංගොඩ ප්‍රදේශයේදී කොන්දොස්තරවරයෙකු සිය දිවි නසා ගනියි..

බලංගොඩ ඇල්ලෙපොල කොන්දොස්තරවරයෙකු ගෙළ වැළලා ගැනීම සම්බන්ධයෙන් ඥාතියෙකුගෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.

බලංගොඩ ඇල්ලෙපොළ පදිංචි වයස අවුරුදු 46 ක් වු කොන්දොස්තරවරයෙකු මෙලෙස ගෙළ වැළලා ගෙන ඇත. රත්නපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිවසට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා රත්නපුර මුලික රෝහල වෙත ගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

නිවස තුළ කොහු ලණුවකින් ගෙළ වැළලා ගැනීම සිදුකර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බලංගොඩ පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top